නාසා ආයතනයට ICON අභ්‍යවකාශ යානය සමඟ තිබු සම්බන්ධතා නැති වේ.

 මීට වසර තුනකට පෙර අභ්‍යවකාශ ගත කළ  අභ්‍යවකාශ විද්‍යා  යානයක් යම් තාක්‍ෂණික ගැටලුවකට ගොදුරු වීතිබෙන අතර   සති දෙකකට ආසන්න කාලයක් පෘතුවිය  සමඟ සම්බන්ධ නොවී තිබේ.

Image Credit:EDNews.net

NASA ආයතනය දෙසැම්බර් 7 නිවේදනය කළේ Ionospheric Connection Explorer (ICON) අභ්‍යවකාශ යානය නොවැම්බර් 25 සිට පෘතුවිය සමඟ සන්නිවේදනය කර නොමැති බවයි. 2019 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරන ලද  යානය මෙම සිදුවීමට පෙර  කිසිදු ප්‍රධාන ගැටකට 
මුහුණ දී නොමැත.
අභ්‍යවකාශ යානයේ avionics හෝ සන්නිවේදන උප පද්ධතිවල ගැටලුව ඇති බව ඉංජිනේරුවන් විශ්වාස කරන නමුත් දෝශ නිරාකරණයටතොරතුරු ඉතා මද බව වැඩිදුරටත් දන්වා තිබේ .

ඩොලර් මිලියන 252 ක ICON මෙහෙයුම සැලසුම් කර ඇත්තේ  පෘථිවි අයනගෝලයේ භූමි කාලගුණය සමඟ අභ්‍යවකාශ කාලගුණයේ අන්තර්ක්‍රියා අධ්‍යයනය කිරීම සඳහා ය. ICON 2021 අගභාගයේදී එහි දෙවසරක ප්‍රාථමික මෙහෙයුම සම්පූර්ණ කළ අතර  දීර්ඝ මෙහෙයුමක නිරත විය.  2023 මූල්‍ය වර්ෂයේදී ICON මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 6.7ක් වැය කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.





Post a Comment

أحدث أقدم
LightBlog