විශාල අභ්‍යවකාශ අපද්‍රව්‍ය කැබලි 2ක් එකිනෙක ගැටීමට ආසන්නයි

එම වස්තූන් දෙක එකිනෙක ගැටුනේ නම් තවත් සුන්බුන් දහස් ගණනක් නිර්මාණය වීමට ඉඩ තිබුණි.පහත් 

Image Credit: Tribune India
චන්ද්‍රිකා නිරීක්ෂණ සහ ඝට්ටන හඳුනාගැනීමේ සමාගමක් වන LeoLabs විසින්, කල් ඉකුත් වූ  සෝවියට් අභ්‍යවකාශ වස්තූන් දෙකක්, රොකට් බඳක් සහ මියගිය ඔත්තු චන්ද්‍රිකාවක් අතර, ඇදහිය නොහැකි තරම් කුඩා ආන්තිකයකින් එකිනෙක  ආසන්න වීමක්  නිරීක්ෂණය කරගන්නා ලදි . LeoLabs ප්‍රකාශයකට අනුව , වස්තූන් දෙක අඩි 20 (මීටර් 6) දුරින් එකිනෙක මග හැරී ඇති අතර,වාසනාවකට එම වස්තු දෙක එකිනෙක ගැටුනේ නැතත්, LeoLabs පවසන්නේ මෙම සිදුවීම රැළි ආචරණයකින් තවත් අභ්‍යවකාශ සුන්බුන් දහස් ගණනක් උත්පාදනය කළ හැකි "නරකම අවස්ථාව" වීමට ඉතා ආසන්න බවයි.

LeoLabs ට අනුව, එකිනෙකාට යන්තමින් මග හැරුණු වස්තූන් දෙක වූයේ, අභාවප්‍රාප්ත SL-8 රොකට් බඳ සහ Cosmos 2361, ගුවන්විදුලි සන්නිවේදනය හෝ රේඩාර් සම්ප්‍රේෂණ වැනි විද්‍යුත් සංඥාවලට බාධා කිරීමට නිර්මාණය කර ඇති දැනට මිය ගොස් ඇති රුසියානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවකි. නාසා ආයතනයට අනුව Cosmos 2361 1998 දී දියත් කරන ලද අතර, SL-8 යනු 1964 දී ප්‍රථම වරට සේවයට ඇතුළු වූ සහ 2009 දක්වා පියාසර කළ යානා වේ .

Post a Comment

أحدث أقدم
LightBlog