පකිස්ථානයේ පොලිසිය ඉලක්ක කර පිපිරීමක්: 59 දෙනෙකුට මරුට

පකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක යාඥා කරමින් සිටි පොලිස් භටයින් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Image Credit: USNews.com
මුස්ලිම් පල්ලිය දැඩි ආරක්‍ෂාවක් සහිත පොලිස් මූලස්ථාන ප්‍රදේශය තුළ පිහිටා ඇත.

ත්‍රස්තවාදීන්ට අවශ්‍යව ඇත්තේ පකිස්ථානය ආරක්ෂා කිරීමේ රාජකාරිය ඉටු කරන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් "බිය ඇති කිරීමටයි" යනුවෙන් අග්‍රාමාත්‍ය Shehbaz Sharif පැවසීය.

රහාරය එල්ල කළේ තමන් යැයි කිසිඳු කණ්ඩායමක් ප්‍රකාශ කර නොමැති නමුත් එය පාකිස්තාන තලේබාන් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ. නොවැම්බර් මාසයේදී සටන් විරාමයක් අවසන් කළ අතර එතැන් සිට ප්‍රචණ්ඩත්වය වැඩි වෙමින් පවතී.එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් ප්‍රදේශයේ සිටි බවත්  මියගිය සංඛ්‍යාව 59 ක් වන අතර පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇත.

Post a Comment

Previous Post Next Post
LightBlog