එක්සත් රාජධානියේ පළමු චන්ද්‍රිකාව දියත් කිරීම අසාර්ථක වේ

එක්සත් රාජධානියේ ප්‍රථම කක්ෂගත චන්ද්‍රිකා දියත් කිරීම Newquay හි Spaceport Cornwall වෙතින් ආරම්භ වූ නමුත් එය  චන්ද්‍රිකා කක්ෂයට යෙදවීමට අපොහොසත් විය.  රාත්‍රී 10.01 ට Boeing 747 ගුවන් යානයකට අනුයුක්තව ගුවන් ගත වූ Virgin Orbit's LauncherOne රොකට්ටුව, පියාසර කර පැයකට පමණ පසු කක්ෂයට නැගීම ආරම්භ කළ නමුත් මිනිත්තු 25 කට පමණ පසු දියත් කිරීම "විෂමතාවයකට ලක්ව" එහි මෙහෙයුම නතර කිරීමට සිදු විය. රොකට්ටුව සහ එහි චන්ද්‍රිකා  පෘථිවි වායුගෝලයේ දැවී ගියේද නැතහොත් ජනාකීර්ණ ප්‍රදේශ හරහා ගොඩබිමට කඩා වැටුනේද යන්න සොයා බලමින් සිටී.

Image Credit: Euro News

LauncherOne රොකට්ටුව Cosmic Girl වෙතින් අතහැර දැමූ විට, එය පහත් පෘථිවි කක්ෂයට එහි ගමන ආරම්භ කළේය. පළමු අදියර එය සාර්ථකව පැයට කිලෝමීටර් 12,900 ක් දක්වා ගෙන ගියේය. දෙවන අදියර පැයට කිලෝමීටර් 28,000 ක වේගයකින් රොකට්ටුව එහි කෲස් අදියර දක්වා වේගවත් කළේය. එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සියේ (UKSA) ප්‍රකාශකයෙකුට අනුව, රොකට්ටුව පහත පෘථිවි කක්ෂයට ළඟා වූ නමුත් "විෂමතාවයකට" ගොදුරු වූ අතර එය එහි මෙහෙයුම අත්හිටුවීමට හේතු වූ බව පැවසේ.එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයේ කුඩා මිලිටරි සන්නිවේදන චන්ද්‍රිකා, එක්සත් ජනපදය-එක්සත් රාජධානිය ඒකාබද්ධව දියත් කරන ලද අයනගෝලීය මොනිටර යුගලයක්. හමුදා සහයෝගීතාවය, ස්කොට්ලන්ත සමාගමක් වන AAC Clyde Space වෙතින් සමුද්‍රීය සංවේද චන්ද්‍රිකා, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ GPS-ට්‍රැකර් සහ ඕමානය සහ පෝලන්තය එක්ව දියත් කරන ලද රූප චන්ද්‍රිකාවක් මෙහි ඇතුලත් විය. 

Post a Comment

أحدث أقدم
LightBlog