අලුතින් සොයාගත් පිටසක්වල ග්‍රහලෝකය

Image Credit: Exoplanet Exploration-Nasa

 ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් යුරෝපයේ Gaia අභ්‍යවකාශ යානයේ  දත්ත  පරිදි සෘජුවම ඡායාරූපගත කළ පළමු ග්‍රහලෝකය සොයාගෙන ඇත - එහි හරය තුළ න්‍යෂ්ටික විලයනය සිදුවෙමින් පෙනෙන්නට තිබෙන අතර ,එංගලන්තයේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාෂා හින්ක්ලි ප්‍රමුඛ කණ්ඩායම, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 130ක් පමණ එපිටින් පිහිටි HD 206893 තරුවෙන් සැතපුම් මිලියන 300ක් (කිලෝමීටර් මිලියන 483ක්) පමණ දුරින් කක්ෂගතව ඇති පිටසක්වල ග්‍රහලෝකය සොයා ගන්නා ලදී. 

අපේ සූර්යයාට වඩා 30% විශාල මෙම තාරකාව වටා  සුන්බුන් තැටියක් ඇති අතර නව සෞරග්‍රහලෝක සොයා ගැනීම සඳහා හොඳ අඩිතාලමක් ලෙස සැලකේ. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Gaia මෙහෙයුම මගින් තරු අහස හරහා ගමන් කරන විට ඒවායේ පිහිටීම පිළිබඳ අතිශය නිරවද්‍ය මිනුම් සිදු කරන අතර, එය සපයන තාරකාමිතික දත්ත මගින් තාරකා වල චංචලතාව මැනීමෙන් බාහිර ග්‍රහලෝක පවතින බව අනුමාන කළ හැකිය.Gaia දත්ත අනුගමනය කරමින්, කණ්ඩායම විසින් උතුරු චිලියේ ඇටකාමා කාන්තාරයේ ඇති විශාල දුරේක්ෂයේ  GRAVITY උපකරණය භාවිතා කර HD 206893 c ලෙස හඳුන්වන නව ග්‍රහලෝකයේ පැවැත්ම සෘජුවම තහවුරු කරන ලදී.නිරීක්‍ෂණය මගින් පර්යේෂකයන්ට ග්‍රහලෝකයේ වායුගෝලයේ සිට ආලෝක වර්ණාවලිය විශ්ලේෂණය කිරීමට ද ඉඩ සැලසිණි. 

ග්‍රහවස්තුවේ පෙනෙන දීප්තිය පෙන්නුම් කරන්නේ මෙම යෝධ ග්‍රහලෝකයේ හරය නියුට්‍රෝන  හයිඩ්‍රජන් සමස්ථානිකයක් වන ඩියුටීරියම් භාවිතයෙන් න්‍යෂ්ටික විලයනයකට භාජනය වන බවයි.අලුතින් සොයාගත් බාහිර ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයා මෙන් 13 ගුණයකින් ස්කන්ධයෙන් වැඩි විය හැකිය. එම අතිවිශාල ප්‍රමාණය සහ විලයනය පිළිබඳ සාක්ෂි වලින් අදහස් වන්නේ එය ග්‍රහලෝකයක් සහ දුඹුරු වාමනයෙකු අතර මායිමේ පවතින බවයි, එය සාමාන්‍ය තරු මෙන් සාදනු ලබන කුතුහලය දනවන විශ්වීය වස්තුවක් වන නමුත්, න්‍යෂ්ටික විලයනය පවත්වා ගැනීමට අවශ්‍ය ස්කන්ධයක් නොතැබිමටද ඉඩ ඇති බවත්ය .මෙම සොයා ගැනීම විද්‍යාඥයින්ට දැවැන්ත ග්‍රහලෝක සහ දුඹුරු වාමන අතර වෙනස හඳුනා ගැනීමට නව අවබෝධයක් ලබා දිය හැකි බව අධ්‍යයන කණ්ඩායම් සාමාජිකයින් පවසයි.

Post a Comment

أحدث أقدم
LightBlog