එක්සත් ජනපද හමුදාව 'ඇලස්කාවට ඉහළින් ගමන්ගත් කුඩා වස්තුවකට වෙඩි තබයි

සතියකට අඩු කාලයකදී දෙවන වරටත් එක්සත් ජනපද හමුදාව අනවසරයෙන් ඇතුල් වූ හදුනා නොගත් යානයකට වෙඩි තබා තිබේ.

උතුරු ඇලස්කාවේ වෙරළට ඔබ්බෙන් ප.ව. 1:45 ට  පමණ  ප්‍රහාරක ජෙට් යානයකින් හදුනා නොගත් යානයකට වෙඩි තබා තිබේ. සිකුරාදා (පෙබරවාරි 10) "මෙම වස්තුව අඩි 40,000ක් [මීටර් 12,000] උන්නතාංශයක පියාසර කර ඇති අතර" පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ගුවන් හමුදා බ්‍රිග්. ජෙනරාල් පැට් රයිඩර් සිකුරාදා මාධ්‍ය හමුවකදී පැවසීය.

Image Credit: Popular Mechanics
මෙම සිදුවීම සිදුවුයේ' සිකුරාදා F-22 ප්‍රහාරක ජෙට් යානයක් දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් වූ Sidewinder මිසයිලයකින් චීන ඔත්තු බැලූනකට වෙඩි තබා දින හයකට පසුවය. නමුත් පහත වැටුණු වස්තූන් දෙක අතර සම්බන්ධයක් තිබේද යන්න තවමත් පැහැදිලි නැත.

සිකුරාදා ඇලස්කාවට ඉහළින් වෙඩි තැබූ වස්තුව "කුඩා මෝටර් රථයක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර , පෙබරවාරි 4 වන දින දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් බිම හෙලන ලද චීන බැලූනයට ප්‍රමාණයෙන් හෝ හැඩයෙන් සමාන නොවන බවට වැඩිදුරටත් එක්සත් ජනපදය පවසා තිබේ 

Post a Comment

أحدث أقدم
LightBlog