යුරේනස්ගේ දුමාර තොප්පියක් වර්ධනය වෙයි , හබල් දුරේක්ෂය හෙළි කරයි

හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් යුරේනස් සහ බ්‍රහස්පතිගේ නව ඡායාරූප මගින් මෙම යෝධ, ඈත ග්‍රහලෝකවල කාලගුණය කෙමෙන් වෙනස් වන ආකාරය හෙළි කරගෙන තිබේ .

Image Credit: Hubble Space Telescope
දිනෙන් දින වෙනස් වන පෘථිවි කාලගුණය මෙන් නොව, බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල වායුගෝලීය තත්ත්වයන් තරමක් ස්ථායී වේ. මෙම ග්‍රහලෝකවලට ලැබෙන්නේ ඉතා සුළු හිරු එළියක් වන අතර සූර්යයා වටා එක් කක්ෂයක් සම්පූර්ණ කිරීමට වසර ගණනාවක් හෝ දශක ගණනාවක් ගතවේ. කෙසේවෙතත්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් වසර කිහිපයක් වෙන්කර ගත් ,ග්‍රහලෝකවල ඡායාරූප සංසන්දනය කිරීමේදී විද්‍යාඥයන් දකින්නේ ඒවායේ වායුගෝලය සජීවීව පවතින බවයි.නිදසුනක් වශයෙන්, 2014 සහ 2022 දී ගන්නා ලද යුරේනස්ගේ හබල් රූපවලින් හෙළි වන්නේ, ග්‍රහලෝකයේ උතුරු ග්‍රීෂ්ම සමය දෙසට ගමන් කරන විට, ග්‍රහලෝකයේ උත්තර ධ්‍රැවය මත අයිස් සහිත දුමාරයක් වර්ධනය වන බවයි. යුරේනස්ගේ සෘතු වසර 20කට වඩා වැඩි කාලයක් පවති.

Post a Comment

أحدث أقدم
LightBlog