අගහරු ලොවේ රොබෝ මිතුරා බේරාගන්න බැරිද ?

 නාසා හි අඟහරු ඉන්සයිට් ලෑන්ඩරය පසුගිය සතියේ දූවිල්ලෙන් සෙමෙන් වැසිගියේය . රතු ග්‍රහලෝකයේ භූගෝලීය ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම සඳහා සාදන ලද රොබෝවරයා  මාස ගණනාවක් තිස්සේ එහි වර්ග අඩි 25 (වර්ග මීටර් 4.2) සූර්ය බලශක්ති අරාව ඝන දුවිල්ලෙන් වැසි යාම නිසා අඩු බලයකින් ක්‍රියාකරන ලදී .   බදාදා දෙසැම්බර්  21 NASA නිවේදනය කළේ, ඉන්සයිට් ලෑන්ඩරය  මිය ගිය බව නිල වශයෙන් ප්‍රකාශ කරමින්, දින ගණනක් ලෑන්ඩරයෙන් තමන්ට සවන් නොදුන් බවයි.

2018 නොවැම්බරයේදී අඟහරුගේ සමකයට දකුණින් පිහිටි,  Elysium Planitia ද්‍රෝණියට ගොඩ බැස්ස ඉන්සයිට් ලෑන්ඩරය, එහි අපේක්ෂිත මෙහෙයුම් කාලය වසර දෙකක්   වූ     අතර    අගහරු ග්‍රහයා වෙත මෙහෙයුම් දියත් කිරීමේදී දුවිලි කුණාටු කාලය එනම් සරත් සෘතුවේ සහ ශීත කාලවලදී ග්‍රහලෝකයේ දූවිලි කුණාටු සමය මග හැර ගත යුතුව තිබේ  . අඟහරු ග්‍රහයා මත වසරක් පෘථිවි වර්ෂ දෙකක පමණ කාලයක් පවතින බැවින්, ඉන්සයිට් ඇතුළු මෑතකාලීන ගොඩබෑමේ කරන ලද  රෝවර් බොහොමයක් දූවිලි කුණාටු සමයන් හරහා සිදු කරන ලදී.

බොහෝදෙනා නිතර ප්‍රශ්නයක් නම් මෙවැනි මෙහෙයුම් සැලසුම් කිරීමේදී රෝවර් සදහා වයිපර් හෝ බ්ලෝවර් වැනි උපකරණ යොදා නොගන්නේ මන්ද ලෙස  , ඒ සදහා නාසා ආයතනය පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ " එවැනි පද්ධතියක් සදහා වැයවන පිරිවැය , ස්කන්ධය සහ සංකීර්ණත්වය මත පදනම්ව එවැනි දෙයක් සදහා යොමු නොවන බවයි . 

Post a Comment

Previous Post Next Post
LightBlog