ගල්ෆ් රටවල් සමඟ අභ්‍යවකාශ හවුල්කාරිත්වයන් ගොඩනැගීමට චීනය අපේක්ෂා කරයි

 සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු නැගීඑන රටවල් සමඟ අභ්‍යවකාශ සහයෝගීතාව වර්ධනය කර ගැනීම චීනය අරමුණු කරයි. මෙම මස මුලදී රියාද් හි පැවති පළමු චීන-ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) සමුළුවේදී ඉදිරි වසර තුන හෝ පහ සඳහා ප්‍රමුඛතා ක්ෂේත්‍ර ගණනාවකින් එකක් ලෙස අභ්‍යවකාශ ව්‍යපෘති  නම් කරන ලදී.

Image Credit: The New york Times 

“දුරස්ථ සංවේදනය සහ සන්නිවේදන චන්ද්‍රිකාව, අභ්‍යවකාශ භාවිතය, අභ්‍යවකාශ යටිතල පහසුකම් සහ ගගනගාමීන් තෝරා ගැනීම සහ පුහුණු කිරීම සම්බන්ධයෙන් GCC රටවල් සමඟ කටයුතු කිරීමට චීනය සූදානම්”, බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමුළුවේ ප්‍රධාන දේශනයේ දී ප්‍රකාශ කරන ලදී . 

GCC අන්තර් රාජ්‍ය කණ්ඩායමට සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, ඕමානය සහ කටාර් යන රටවල් ඇතුළත් වේ.

Post a Comment

أحدث أقدم
LightBlog