ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ශක්තිමත් නව ආර්ථික ක්‍රමයක් මිස ප්‍රතිසංස්කරණ නොවේ - ජනපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ පවතින අර්බුදයට විසඳුම් නොදෙන ආර්ථික ප්‍රතිසංස්කරණ නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


යල් පැන ගිය ආර්ථික ක්‍රමවලට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට උපකාර කළ නොහැකි බව ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2022 ආර්ථික සමුළුව ආරම්භ කරමින් රාජ්‍ය නායකයා පැවසීය.


‘‘Resetting from Turmoil to Opportunity’ යන තේමාවෙන් යුත් මෙම උත්සවය සඳුදා (දෙසැ. 05) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

Post a Comment

Previous Post Next Post
LightBlog