ඉන්දියාවේ ; ප්‍රහාරක ජෙට් යානා අනතුරකින් එක් නියමුවෙකු මිය යයි

Image Credit: Daily Sun
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් - Sukhoi Su-30 සහ Mirage 2000 - අද පෙරවරු පුහුණු අභ්‍යාසයක් අතරතුර කඩා වැටීමෙන් එක් ගුවන් නියමුවෙකු මිය ගිය බව බලධාරීහු සෙනසුරාදා ප්‍රකාශ කළහ. එක් ගුවන් යානයක් මධ්‍ය ප්‍රදේශ්හි මොරේනා ප්‍රදේශයේදී කඩා වැටී ඇති අතර අනෙක් යානය කිලෝමීටර් 100ක් පමණ දුරින් රාජස්තානයේ භාරත්පූර් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බවට විශ්වාස කෙරේ.සුකොයි යානයේ නියමුවන් දෙදෙනෙකු සිටි අතර මිරාජ් යානයට එක් නියමුවෙකු සිටි බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. මෙම ගුවන් යානා දෙකම ඉන්දීය ගුවන් හමුදාව විසින් ඉදිරිපෙළ භාවිතා කරනු ලැබේ. Sukhoi යානයේ සිටි නියමුවන් දෙදෙනා ඉන් ඉවත් කිරීමට සමත් වූ අතර  ඔවුන් රෝහල වෙත ගෙන යන ලදී.

Post a Comment

Previous Post Next Post
LightBlog