JUICE රේඩාර් ඇන්ටනාවේ දෝෂ නිරාකරණය කිරීම දිගටම

බ්‍රහස්පති වෙත යුරෝපීය මෙහෙයුමක ඇති රේඩාර් ඇන්ටනාව දියත් කිරීමෙන් පසුව තවමත් සම්පූර්ණයෙන් යෙදවීමට නොහැකි වී ඇතත්, ව්‍යාපෘති නිලධාරීන් පවසන්නේ ගැටලුව විසඳීමට තවමත් බොහෝ විකල්ප ඇති බවයි.

Image Credit:SciTechDaily
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය අප්‍රේල් 28 වෙනිදා ප්‍රකාශ කළේ Jupiter Icy Moons Explorer (JUICE) අභ්‍යවකාශ යානයේ රේඩාර් උපකරණය අප්‍රේල් 13 දියත් කිරීමෙන් පසු එම  සතිය තුළ අපේක්ෂිත පරිදි මීටර් 16 ක ඇන්ටෙනාව සම්පූර්ණයෙන්ම දිග ඇරී නැත . අභ්‍යවකාශ යානයේ දෙපස විහිදුණු ඇන්ටනාව එහි අපේක්ෂිත දිගෙන් තුනෙන් එකක් පමණක් විහිදී ඇත.

ඉංජිනේරුවන් සැක කරන්නේ ඇන්ටෙනාව  සිරවී ඇති  බවයි. "මෙම අවස්ථාවෙහිදී, ඉතිරි රේඩාර් නිදහස් කිරීමට මිලිමීටර ප්‍රමාණයකින් වෙනසක් කළ හැකි යැයි සිතනු ලැබේ," ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Post a Comment

Previous Post Next Post
LightBlog