චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ වේ

 යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඉන්දියාවේ චෙන්නායි අතර ගුවන් ගමන් අද සඳුදා (12) යළි ආරම්භ විය.


ගුවන් යානයක් චෙන්නායි සිට පෙරවරු 10.50 ට පලාලි වෙත ළඟා වූ අතර ගුවන් යානයක් පලාලි සිට චෙන්නායි බලා පිටත් වූයේ පෙරවරු 11.50 ට ය.


සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ චෙන්නායි සහ පලාලි අතර සතිපතා ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක වන බවයි.
Covid-19 වසංගතය හේතුවෙන් පලාලි සහ චෙන්නායි අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබුණි .

Post a Comment

Previous Post Next Post
LightBlog