සජිත් ප්‍රේමදාස නැවත SJB නායකයා ලෙස පත් වෙයි

 සමගි ජන බලවේගය 2023 වසර සඳහා පක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර තිබේ.

ඉරිදා (11) කොළඹ කැම්බල් පිටියේ පැවැති වාර්ෂික පක්ෂ සම්මේලනයේදී මෙම තීරණයට එළැඹ ඇත.


SJB සභාපතිවරයා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කර ඇති අතර එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර නම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා SJB ජාතික සංවිධායකවරයා ලෙසත්, ආචාර්ය හර්ෂ ද සිල්වා පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙසත් නම් කෙරිණි.

Post a Comment

Previous Post Next Post
LightBlog