දකුණු කොරියාව වේගා සී සමග චන්ද්‍රිකාවක් දියත් කිරීමට සුදානමින්

බහුකාර්ය රූප චන්ද්‍රිකාවක් වන KOMPSAT-6 දියත් කිරීම සඳහා දකුණු කොරියාව Arianespace හි Vega C රොකට්ටුව තෝරාගෙන ඇත.

Image Credit: DW

දකුණු කොරියාවේ විද්‍යාව පිළිබඳ උප ඇමති Oh Tae-seog පෙබරවාරි 1 දින නිවේදනය කළේ Vega-C ජාත්‍යන්තර ලංසු තැබීමෙන් පසුව දියත් කිරීම සඳහා තෝරා ගත් බවයි.උප අමාත්‍යවරයාට අනුව, උතුරු රුසියාවේ ප්ලෙසෙට්ස්ක් කොස්මෝඩ්‍රෝම් වෙතින් 2022 අගභාගයේදී KOMPSAT-6 දියත් කිරීමට නියමිතව තිබූ රුසියානු කොන්ත්‍රාත්තුවක් දෙසැම්බර් මාසයේදී දකුණු කොරියාව නිල වශයෙන් අවලංගු කළ බව උප ඇමතිවරයා පවසයි. ප්‍රමාදය සඳහා කොරියානු රජය රුසියාවෙන් වන්දි ඉල්ලා සිටීද යන්න ඔහු පැහැදිලි කළේ නැත.KOMPSAT-6 යනු 2013 අගෝස්තු මාසයේදී රුසියාවේ ඩොම්බරොව්ස්කි සිට Dnepr-1 දියත් කිරීමේ යානයකින්   දියත් කරන ලද KOMPSAT-5 ට පසුව කෘතිම විවර රේඩාර් (SAR) වලින් සමන්විත දකුණු කොරියාවේ දෙවන චන්ද්‍රිකාවයි.KOMPSAT-6 ඉදිරි වසර 5 ක කාලයක් සදහා කිලෝමීටර් 505 ඉහල අහසේ සිට  මීටරයට පික්සල් 0.5  ජයාරූප ලබා දෙනු ලැබේ .


Post a Comment

Previous Post Next Post
LightBlog